පොලිස්පතිගේ සේවා දිගුව 2 දා අවසන්

154

ව්‍යවස්ථා සභාවෙන් තාමත් අලුත් නමක් නෑ

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා වෙත ලබාදී ඇති සේවා දීර්ඝ කිරීම ලබන 2 වැනිදා අවසන් වීමට නියමිතව ඇතත් ඊයේ (29 දා) වනවිටත් නව පොලිස්පතිවරයකු පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව වෙනත් නමක් යෝජනා කර නොතිබූ බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.

නව පොලිස්පතිවරයකු පත් කිරීමට කටයුතු නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී ඇත.

සී. ඩී. වික්‍රමරත්න මහතාට මේ වනවිට සේවා දීර්ඝ කිරීම් 3ක් ලබාදී ඇති අතර අවසන් වරට එම සේවා දිගුව සති 3ක කාලයක් සඳහා ලබාදී ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු මීළඟ පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් ලැබ සිටිති.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment