ආණ්ඩුව අත්තනෝමතිකයි: විකල්ප ආණ්ඩුව ස.ජ.බ.ය…. මහනුවරදී සජිත් කියයි

131

වර්තමාන ආණ්ඩුව රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගෙන අත්තනෝමතික පාලනයක යෙදෙන තත්ත්වයක් තුළ මේ රටේ විකල්ප ආණ්ඩුව සමගි ජන බලවේගය යැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

ඊයේ (29 දා) පෙරවරුවේ මහනුවර නගර මධ්‍යයේ පැවැති ජනතා විරෝධතාවයට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

මේ වන විට රටේ තරුණ පරම්පරාව රට හැර යන තැනට පත්ව ඇති බවත්, ආණ්ඩුවට අවශ්‍ය වන්නේ එහෙයියන් සහ වන්දිභට්ටයන් පමණක් ඉතිරි කර ගැනීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ආණ්ඩුවේ සහ ඇමැතිවරුන්ගේ අතකොලූවක් බවට පත්නොවී සත්‍ය කතා කළ බුද්ධි මාරඹේ වැනි වියතුන් තනතුරුවලින් නෙරපා හරිමින් ආණ්ඩුව යන ගමන පිළිබඳව රටපුරා ජනතාව තුළ ඇත්තේ දැඩි පිළිකුලක් බව ද ඒ මහතා පැවසීය. අති විශාල ජනතා සහභාගිත්වයකින් පැවැති මේ විරෝධතාවය විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සංවිධානය කරනු ලැබූ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. හලීම්, පළාත් සභාවේ හිටපු ඇමැති තිළිණ බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ.

සමන්ති වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment