රස කැවිලි දෙන්න රැගෙන ගොස් අට හැවිරිදි දැරියට අතවර කළ අයට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

282

* දැරියට වන්දි ගෙවන්නත් නියෝග

අට හැවිරිදි කුඩා ශිෂ්‍යාවකට රස කැවිලි ලබාදෙන බවට පොරොන්දු වී ඇය රවටා කැඳවාගෙන ගොස් ඇයට අස්වාභාවික ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් සහ දැරිය භාරකාරත්වයෙන් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් වූ නඩු විභාගයෙන් අනතුරුව වරදකරුවූ 47 හැවිරිදි විවාහකයකුට මීගමුව පූර්වගාමී මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් බරපතළ වැඩ ඇතිව වසර 12 ක සිරදඬුවම් සහ රුපියල් 20,000 ක දඩ නියම කරන ලදී.

ඊට අමතරව ලිංගික අතවරයට ලක්වූ ශිෂ්‍යාවට රුපියල් ලක්‍ෂයක වන්දියක් ගෙවීමට විත්තිකරුට අධිකරණය නියෝග කළේය. බරපතළ සිරදඬුවම්, දඩ සහ වන්දි ගෙවීමට නියම වූ විත්තිකරු වූයේ මීගමුව දළුවාකොටුව ශ‍්‍රමදාන මාවතේ පදිංචි 47 හැවිරිදි විවාහකයෙකි.

රජයේ අධිනීතිඥ චන්දිමා රණසිංහ මහත්මිය පැමිණිල්ල මෙහෙය විය. මීගමුව පොලිසියේ සැරයන් (56216) වසන්ත මහතා පැමිණිල්ලට සහය විය.

මීගමුව සමූහ – විමල් කීර්ති

 

advertistmentadvertistment
advertistmentadvertistment