පොලිසි, ආරක්‍ෂක කපොලු ගිනි අවි වීඩියෝ කළ අයෙක් දැලේ

308

නිට්ටඹුව වීරගුල පොලිස් ස්ථාන, ආරක්‍ෂක කපොල, ගිනි අවි රැගත් නිලධාරීන් බැංකු, බුදුපිළිම ඇතුළු අවට මාර්ග වීඩියෝ කළ පුද්ගලයකු නිට්ටඹුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා නාවලපිටියේ පදිංචිකරුවකු වන අතර තිහාරියෙන් විවාහයක් කරගත් අයකු බව පොලිස් පරීක්‍ෂණ අනුව අනාවරණය වී ඇත.

මොහු සිය ජංගම දුරකථනය මගින් මෙම ස්ථාන වීඩියෝ කර ඇති අතර නිට්ටඹුව පොලිසිය ඇතුළට පැමිණ වීඩියෝ කරද්දී පොලිස් නිලධාරියකු ඔහුගේ ජංගම දුරකථනය පරීක්‍ෂා කර ඇත. එහිදී මෙම දර්ශන සියල්ලම හෙළිවී තිබේ.

බැංකුවක ඒ ටී එම් යන්ත්‍රය පවා කැමරාගත කර ඇති බව පොලිසිය කියයි.

“අනේ සර් මම මේවා නිකමට වගේ ගත්තා යැයි පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ පවසා ඇත.

මොහු සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කරගෙන ගිනි අවියක් ළඟ තබාගෙන සිටින පොලිස් නිලධාරියකු සමීපයට ගොස් එම ගිනි අවිය පවා වීඩියෝ කර ඇත. බැංකුවක ඒ ටී එම් යන්ත්‍රය ඉදිරිපිට පිහිටා තිබූ බුදු පිළිමයක්ද පැහැදිලිව එහි පෙනෙන බව පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment