ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක්

78

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ සිටින පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (HE’ Zuhair M’H’ Dar Zaid) මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

ජනාධිපති කාර්යාලයේ පැවති චෙක්පත භාරදීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබි්‍ර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීහු සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment