අසාධාරණ ඉල්ලීම් නිසා සෞඛ්‍ය වර්ජන දියාරු වෙලා – GMOA කියයි

61

නීත්‍යනුකූල නොවන අයුක්තිසහගත ඉල්ලීම් හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩවර්ජන දියාරු වී බලධාරීන් මෙන්ම රටේ ජනතාව අතර ද ඔවුන් ප්‍රතික්ෂේප වෙමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව (DAT) පදනම් කරගෙන වෘත්තීය සමිති නායකයන්ගේ වුවමනාවට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මහපාරට කැඳවා වැඩවර්ජනයට යොමුකර ඔවුන් රෝහල් පද්ධතිය අකර්මණ්‍ය කිරීමේ උත්සාහයක යෙදී සිටින බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ඊයේ (01 දා) චෝදනා කළේය.

වෘත්තීය සමිති නායකයන් සිය පෞද්ගලික දේශපාලන වුවමනා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ල භාවිත කරමින් සිටින බවත් මෙම සටන පොදුවේ මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයන්ට සෘණාත්මක බලපෑම් ඇති කරන බවත් හෙතෙම සඳහන් කළේය.

වැඩවර්ජන තිබුණත් රෝහල්වල වෛද්‍යවරුන් සාමන්‍ය පරිදි කටයුතු කරන බැවින් සෞඛ්‍ය වර්ජනය ‘මාධ්‍ය සංදර්ශනයක්’ පමණක්ම වී ඇතැයි ද පැවසූ ඒ මහතා මෙම අසාධාරණ වැඩවර්ජන වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පියවර ගත යුතු බව ද කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment