යුගදනවි දෙනු එපා පෙත්සම්වලට පක්‍ෂව වාසු, විමල් හා ගම්මන්පිල විරෝධතා ගොනු කරති

307

කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළේත් නෑ..
ටෙන්ඩර් ඉදිරිපත් නොකළ සමාගමකට කොන්ත‍්‍රාත්තුව දීලා:
කැබිනට්ටුවේදී සාකච්ඡා කළේත් නෑ…

කෙරවළපිටිය, යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් කොටස් හතළිහක් ඇමරිකානු සමාගමකට ලබාදීම සහ එම බලාගාරයට ස්වභාවික ද්‍රව වායු (එල්.එන්.ජී.) සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්‍ෂව අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන මහත්වරු ඊයේ (07දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විරෝධතා ගොනු කරනු ලැබූහ.

එම අමාත්‍යවරුන් තිදෙනා එම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියදී පෙත්සම්වලට පක්‍ෂව විරෝධතා ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

නීතිඥ නිලන්ති විජේසිංහ මහත්මිය මගින් ගොනුකර ඇති පිටු පනස් අටකින් සමන්විත එම විරෝධතා මගින් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත්තේ එකී කැබිනට් තීරණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට කිසිදු කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කිරීමක් හෝ ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ කිසිදු සාකච්ඡුාවක් සිදු නොකළ බවයි. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයට පති‍්‍රකාවක් ඉදිරිපත් කළ බවට සඳහන් කිරීම සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණක් වන බවත් සිය පෙත්සම මගින් පෙන්වා දී ඇති අමාත්‍යවරුන් තිදෙනා එකී කි‍්‍රයාවලිය සඳහා ටෙන්ඩර් කැඳවා තිබියදී ටෙන්ඩර් ඉදිරිපත් නොකළ සමාගමකට එය ලබාදීම නීතියට පටහැනි බවත් අධිකරණයට පෙන්වා දී ඇත.

එම ටෙන්ඩරය ලබාදුන් සමාගම 2018 වසරේදී ආරම්භ කළ සමාගමක් බවත් එය ගෑස් කළමනාකරණය පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති සමාගමක් වන බැවින් එවැනි සමාගමකට රටේ ගෑස් කළමනාකරණය භාරදීම රටේ ජාතික ආරක්‍ෂාවට ඉතා අහිතකර කරුණක් යැයි වගඋත්තරකාර ඇමැතිවරුන් සිය විරෝධතා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වාදී ඇත.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු, ඇල්ලේ ගුණවංශ හිමි, සමගි ජනබලවේගය පක්‍ෂය හා වෘත්තීය සමිති කි‍්‍රයාකාරීන් පිරිසක් කැබිනට් මණ්ඩලයේ එකී තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මීට පෙර පෙත්සම් ගොනු කර තිබිණි.

මෙම ඇමැතිවරුන් තිදෙනා නියෝජනය කරන කැබිනට් මණ්ඩලයේදී ගත්තේ යැයි කියන තීරණයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැබිනට් මණ්ඩලයේ තීරණයට එරෙහිව විරෝධතා ගොනු කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment