ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනීසිටින අය හැංගිලා කන්න බොන්න විතරක් එනවා – ඇමැති විමලවීර දිසානායක

229

අද විපක්‍ෂ ආණ්ඩුවට මුහුණ දෙන්න බැරිව හැංගිලා. ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිය යුතු අය හැංගිලා. කන්න බොන්න විතරක් එනවා.

2019 අලි මරණ 407යි 2021 මේ දක්වා 303යි. හක්ක පටස් තියනවා වෙඩි තියනවා. අලි මරණ ගැන සංවිධාන කතා කරනවා. අහිංසක මුවන් ඇතුළු කුඩා සතුන් මරා කනවා. ඒ කන ගමන් අලි මරණවලජ අනුකම්පා කරනවා. අලි මිනිස් ගැටුම්වලින් වැඩි ප‍්‍රමාණයක් මිනිස් මරණ සිදුව ඇත්තේ කැලෑව ඇතුලේදී. 2019 දී මරණ 122යි. කැලෙන් පිටත 98යි. 2020 දී 112යි. කැලෙන් පිට මරණ 79යි. 2021 මේ දක්වා 109යි. අලි මිනිස් ගැටුම අතීතයේ සිටම සිදුවෙනවා.

අපි අලි වැට කිලෝ මීටර් දහස් ගාණක් හදනවා. අලි අගල් කපනවා. ආණ්ඩුවේ මුදල් ගන්නේ නැතිව. අලි වැට කොපමණ ගැහුවත් කඩනවා. මෙය සාර්ථක පියවරක් නොවෙයි. අලි අගල් කපනවා. මේ ප‍්‍රශ්නය විසඳන්නේ නැතිව ජාතියක් ලෙස ඉදිරියට යන්න බැහැ. විවේචන කිරීම තරම් ප‍්‍රශ්නය විසඳීම ලේසි නැහැ. ලබන අගෝස්තු 20 වැනිදා වන විට අලින්ගෙන් වන හානි සියයට 50කින්වත් අඩුකර ගන්න බැරි වුණොත් මම ඇමැතිකමින් යනවා.

අනුරාධපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ඉෂාක් රහුමාන් (සජබ)

රටේ නිෂ්පාදන වැඩිකිරීම ජනාධිපතිගේ ඉලක්කය වුණත් තවම හරි කි‍්‍රයා මාර්ගයක් නැහැ. ඇමැතිවරු ගොවීන්ට උදව් කළ යුතුයි. ස්ථිර ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි. පාලකයන් වෙනස් වුණාට ප‍්‍රතිපත්තිය එකක් විය යුතුයි. හැම දෙයක්ම රටේ නිෂ්පාදනය කළ යුතුයි. 1972 වගේ රටේ නිෂ්පාදන වැඩිකර පිටරටත් යැවිය හැකියි. එසේ නොවුණහොත් ඉතියෝපියාවක් බවට පත්වේවි. 225ම එකතුවීම අවශ්‍යයි.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර (ශී‍්‍රලපොපෙ)-

කුරුණෑගල ප‍්‍රදේශයේ වන අලි ප‍්‍රශ්නය විසඳීමට මුදල් වෙන්කර තිබෙන නිසා කොළඹින් ගිහින් හෝ එය ඉටුකරන්න. වැට ගහලා යම් පමණින් අලි ගැටුම් අඩු කළ හැකි වුණත් එය ස්ථිර විසඳුමක් නොවෙයි. අලි මිනිස් ගැටුමට ජනාධිපති කාර්ය සාධන බලකායත් ඇතිකර වනජීවී අමාත්‍යාංශය මුල්කරගෙන ස්ථිර විසඳුමක් සෙවිය යුතුයි.

දිගාමඩුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එම්.එල්.ඒ.එම්. අතාවුල්ලා-

අපේ වන ප‍්‍රමාණය අනුව අලි ඉන්නවාද. අලි වැඩිද යන්න බැලිය යුතුයි. සමහර පැතිවල අලින්ට ගම් දීලා යන්න වෙලා. වහාම නිලධාරීන් මැදිහත්ව සැලසුම් සකස් කරන්න. ජනතාව ආරක්‍ෂා කරගන්න කටයුතු කරන්න.

මොනරාගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජගත් පුෂ්පකුමාර (ශී‍්‍රලපොපෙ)-

බුත්තල පොරමැඩිල්ල රක්‍ෂිතයෙ අලි ඉන්නවා. එහි විවිධ ව්‍යාපෘති පෙන්වමින් එය කපා දැමීමට පිරිස් උත්සාහ කරනවා. ඒ නිසා එය රක්‍ෂිතයක් බවට නම්කර රක්‍ෂිතය ආරක්‍ෂා කරගමු.

රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර-

මේ වසරේ ඔක්තෝබර් අවසන් වන විට මත්ස්‍ය අපනයනයෙන් මිලියන 48732 දක්වා වැඩිවෙලා. එය පසුගිය වසරේ ආදායමට සමානයි. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නැංවීමට ව්‍යාපෘති 11ක් කි‍්‍රයාත්මක කරනවා. ධීවර ක්‍ෂේත‍්‍රයේ ආයෝජන කලාප 5ක් ඇති කරන්න මුදල් වෙන්කර තිබෙනවා. ඉස්සන්, මුහුදු කූඩැල්ලන් වගාව සිදුකරනවා. ඊට අක්කර දහස් ගණනක් වෙන්කර තිබෙනවා. විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සමෘද්ධි ව්‍යාපාරය හරහා නැංවීමට සැලසුම් කර තිබෙනවා.

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය නිසා ධීවර කර්මාන්තයට බලවත් පහරක් එල්ල වුණා. අපි මේ වන විට ඉන් අගතියට පත්වූ විශාල පිරිසකට වන්දි ලබාදී තිබෙනවා. ධීවර සංස්ථාවට අයත් ටින් මාළු කර්මාන්ත ශාලාව ලබාගෙන සංවර්ධනය කර මසකට රුපියල් ලක්‍ෂ 30ක මාසික බදු මුදලකට ලබාදී තිබෙනවා.

ටින් මාළු නිෂ්පාදනය දෛනිකව 90,000යි. නිෂ්පාදනය කළ දෙලක්‍ෂ තිස්දහසක් ආනයනය කළා. අපි දැන් රටේ ටින් මාළු නිෂ්පාදනය දෙලක්‍ෂ පනස්දහසක් නිෂ්පාදනය කරන්න කටයුතු කළා. තව පනස් දහසක් පමණ අඩුවක් තිබෙනවා. ලබන වසරේ තවත් ටින් මාළු ලක්‍ෂයක් නිෂ්පාදනය කරන්න සැලසුම් කර තියෙනවා.

වනජීවී, වන සංරක්‍ෂණ, ධීවර පරිසර අමාත්‍යාංශවල වැය ශීර්ෂ සම්මත විය.

පාර්ලිමේන්තුව අද (8දා) පෙරවරු 9.30ට යළි රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment