දේශිය නිෂ්පාදකයන් පණ මදි: ඩොලර් මිලියන 42ක පලතුරු ආනයනය කරලා

190

දේශීය නිෂ්පාදකයන්ට ඉල්ලුමට සරිලන පරිදි පලතුරු නිෂ්පාදනය කිරීමට නොහැකි වීම මත ඩොලර් මිලියන 42.2ක වටිනාකමකින් යුතු පලතුරු මෙට්‍රික්ටොන් 32.591ක ප්‍රමාණයක් ඉකුත් වර්ෂයේ දී (2022) ආනයනය කර ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එමෙන්ම ඉකුත් වර්ෂයේ දී ඩොලර් මිලියන 37.6ක වටිනාකමින් යුතු කෙසෙල්, පැපොල්, ඇතුළු පලතුරු මෙටි්‍රක්ටොන් 41.526ක් අපනයනය කර ඇත. 2022 වර්ෂයේ දී සමස්ත පලතුරු නිෂ්පාදනය 2021 වර්ෂයට සාපේක්ෂව සියයට 26.9කින් පහළ ගොස් තිබුණි. එහෙත් අඹ, පැපොල්, කෙසෙල් හා අන්නාසි යන පලතුරු නිෂ්පාදනයේ ඉහළයෑමක් වාර්තා වී තිබූ බව ද මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

ආනයන වියදම අවම කිරීම සඳහා පලතුරු වර්ග කිහිපයක් ආනයනය කිරීම තහනම් කිරීමට ද රජය මගින් කටයුතු කරනු ලැබීය. මේ නිසා දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන පලතුරු සඳහා ඇති ඉල්ලුම ඉහළ ගිය ද දේශීය නිෂ්පාදකයන්ට ඉල්ලුමට සරිලන පරිදි පලතුරු නිෂ්පාදනය කිරීමට නොහැකි වී ඇත. මේ නිසා පලතුරු සැපයීම ඉහළ නැංවීමට පවතින ධාරිතාව සීමාවීම හා සැපයුම්දාමයන් සම්බන්ධ ගැටලු හේතුවෙන් දේශීය පලතුරු නිෂ්පාදන අංශයට මින් අත්පත් කර ගැනීමට තිබූ ප්‍රතිලාභ සීමා විය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment