පාකිස්තානු සිනමාවට ගිය ටාෂියාට තානාපති තනතුරක්

209

ඉන්ටර්නැෂනල්හි මීනුගේ චරිතය හරහා රඟපෑමට එක්වුණ ඇය පසුකාලීනව අපට චලෝ ටෙලිනාට්‍යයේ සඳලිගේ චරිතය හරහාද දකින්න ලැබුණා. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ යුද හමුදාව සහ පාකිස්ථානය සමග එකතුවෙලා කළ චිත්‍රපටයකටද ඇයට අවස්ථාව උදාවුණා.

සුවිශේෂී ශිල්පීයත්වය සහ සදාකාලික මෝස්තර සඳහා පිළිගත් ස්වර්ණාභරණ සන්නාමයක් වන ටියේෂ් හි සන්නාම තානාපතිවරිය ලෙස මෙරට සහ ජාත්‍යන්තරය නියෝජනය කළ ශ්‍රී ලාංකීය නිළි යෙහාලි ටාෂියා කාලිදාස පත්කර තිබේ. ඇය පාකිස්ථාන සිනමාව තුළ ජාත්‍යන්තරයට පිවිසි ශ්‍රී ලංකා නිළියක් වීමද සුවිශේෂී කාරණයකි. එම සිනමා නිර්මාණය සඳහා ලංකාවේ සහභාගි වූ එකම නිළිය වීමේ අවස්ථාවද ඇයට හිමිවිය.

පාකිස්තානු සිනමාවට ගිය ටාෂියාට තානාපති තනතුරක්

ඒ අනුව ටාෂියා කාලිදාසගේ තානාපතිත්වය යටතේ ටියේෂ්හි අනුබද්ධිත සමාගමක් වන pure Gold By Tieh හි නවතම ෆිලිග්‍රී එකතුව එළිදැක්වීම ඉකුත්දා උත්කර්ෂවත් අන්දමින් සිදුවිය. යුරෝපයේ” ඉතාලියේ” තුර්කියේ සහ ඩුබායිහි සිට ආනයනය කරන ලද උසස් තත්ත්වයේ ස්වර්ණාභරණ එකතුවකින් හැඩවිණි‘

අදාළ ස්වර්ණාභරණ ත්‍රිවර්ණ” රෝස රන්වන්” සුදු රන්වන් මෙන්ම කහ රත්‍රං මගින් අලංකාරවත් විය. එකී ආභරණ විශේෂයෙන්ම මංගල උත්සව සඳහා ප්‍රමුඛ වේ.

සිය සන්නාමය සම්බන්ධයෙන් සන්නාම තානාපතිනිය වන ටාෂියා කාලිදාස පැවසුවේ මෙම තනතුරට මාව තෝරාගැනීම ගැන එම ආයතනයට මුලින්ම මම ස්තුතිවන්ත වන බවය. ක්ෂේත්‍රයට ඇවිත් ඉතා කෙටි කාලයක් තුළ මේ වගේ තනතුරක් ලැබීම මා ලැබූ ලොකු ජයග්‍රහණයක් ලෙස මම හිතනවා. ඇත්තටම මට ලැබෙන හැම ආරාධනාවක්ම භාරගන්නේ නැහැ. තෝරාබේරාගෙන තමයි මම දෙයක් භාරගන්නේ.

සිය සන්නාමය පිළිබඳ එහිදී අදහස් දැක්වූ අධ්‍යක්ෂිකා තියාෂා ද ෆොන්සේකා අපගේ ස්වර්ණාභරණ අනෙකුත් මානාලියන්ගේ ආභරණවලට සාපේක්ෂව කැපීපෙනනවා. අපි නිර්මාණයේ ගුණාත්මකභාවය සහ ශිල්පීය දක්ෂතාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරනවා. ඒ වගේම තමයි විවිධ සංස්කෘතීන්ට සහ විවිධ ජන කොට්ඨාසයන්ගේ අවශ්‍යතාවය පරිදි සිය නිර්මාණ එළිදක්වා තිබෙනවා. ඒ අතුරින් හින්දු මනාලියන්ගේ සිට මුස්ලිම් මනාලියන් දක්වා සෑම කෙනකුටම උසස් නිර්මාණ ලබාගැනීමේ අවස්ථාව අපි සලසා දී තිබෙනවා යැයි පැවසුවාය.

පාරිභෝගිකයන්ගේ පුද්ගලික මනාපයන්ට අනුව ඕනෑම මාදිලියක ආභරණ සකස්කර දීමේ ප්‍රවීණත්වයක් උසුලන ටියෙෂ් ශ්‍රී ලංකාවට නිර්මාණයන් හඳුන්වා දෙනු ලැබූයේ 2015 වසරේදීය. රංගනයට අමතරව ටාෂියාට ලැබූ නව තානාපති තනතුර හේතුවෙන් ඇයට තවත් නැවුම් අත්දැකීමක් ලැබුණ බවද ටාෂියා වැඩිදුරටත් පැවසුවාය.

නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment