රුසියානු නාවික හමුදාවේ නෞකා බලඝනයක් කොළඹ වරායට

297

සැපයුම් අවශ්‍යතා සඳහා රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත්,‘Gremyashchiy’ යන Corvette වර්ගයේ යුද නෞකාවක් හා B – 603 සහ B – 274 යන සබ්මැරීනයන්ගෙන් සමන්විත නෞකා බලඝනයක් පෙරේදා (16දා) කොළඹ වරායට සේන්දුවිය. මෙම බලඝනය අද (18දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

රුසියානු නාවික හමුදාවේ නෞකා බලඝනයක් කොළඹ වරායට

 ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප‍්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙම බලඝනයේ Gremyashchiy’ සහ’ නෞකාව  දිගින් මීටර 107ක් වන Corvette වර්ගයේ යුද නෞකාවක් වන අතර B – 603 ’ සහ B – 274 සබ්මැරීන දිගින් මීටර 73කින් යුක්ත වේ. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න කොළඹ වරායේ මඟී පර්යන්තයේදී මෙම රුසියානු ශාන්තිකර නෞකා සමූහයට අයත් නෞකා බලඝනය නිරීක්ෂණය සඳහා සහභාගි විය. එහිදී නාවික හමුදාපති හා එම නෞකා බලඝනයේ අණදෙන නිලධාරී ඇතුළු අනෙකුත් අණදෙන නිලධාරීන් අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

 කොළඹ වරායට සේන්දු වූ මෙම රුසියානු ශාන්තිකර නෞකා සමූහයට අයත් නෞකා බලඝනය හා සම්බන්ධ සියලූ කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment