දිනපතාම වහ කැව්වත් හොයන්න බෑ!

737

රසායනාගාර ආහාර සාම්පල් ගැනීම සීමා කරයි

උග්‍ර රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් දිවයින පුරා පිහිටි රසායනාගාර මගින් පරීක්ෂාව සඳහා ආහාර සාම්පල භාර ගැනීම සීමාකර තිබීම හේතුවෙන් ජනතාව දිනපතා පරිභෝජනය කරන ආහාරවල ප්‍රමිතිය සුරැකීම අසීරු වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂාන් කුමාර මහතා පවසයි.

කළුතර පිහිටි ආහාර සාම්පල පරීක්ෂා කිරීමේ රසායනාගාරය බැක්ටීරියා පරීක්ෂාව සඳහා බත් ඇතුළු ඝන ආහාර වර්ග භාර ගැනීම නතර කර තිබීම මෙයට හොඳම නිදසුන බව ඔහු සඳහන් කළේය.

දිවයින පුරා විසිරී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500 ක් දෙනා විසින් මසකට පරීක්ෂාව සඳහා ආහාර සාම්පල 5000ක් පමණ රසායනාගාර වෙත භාර දිය යුතු වුවද පවතින රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් දැනට, පරීක්ෂාව සඳහා රසායනාගාර වෙත ලබාදෙන ආහාර සාම්පල සංඛ්‍යාව 4000 ටත් වඩා අඩු කිරීමට සිදුව ඇති බව ඔහු කීවේය.

මෙම තත්ත්වය මත මෙරට ආහාර සුරක්ෂිතභාවය මෙන්ම ආහාර ආරක්ෂණ කටයුතු නිසි ලෙස පවත්වා ගෙන යෑම දැඩි ලෙස අසීරු වී ඇති බව හෙතෙම සඳහන් කළේය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment