බෙලිඅත්තේ පංචපුද්ගල ඝාතනයට ඔත්තු බැලූ දෙදෙනෙක් අත්අඩංගුවට

179

අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු 5 දෙනකු බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ඔත්තු බැලූ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (25 දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ කල්ලියට සම්බන්ධ බව කියන මෙම පාතාල සාමාජිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල සහ ගාල්ල වරාය ප්‍රදේශවලදීය.

තංගල්ල අධිකරණයේ විභාග වන මිනී මැරුම් නඩුවකට පෙනී සිටීම සඳහා සමන් පෙරේරා ඇතුළු පිරිස ගොස් ඇති අතර මෙම ඔත්තුකරුවන් එම අධිකරණය අවට ප්‍රදේශයේ ඔත්තු බැලීමට යොදවා සිටි බව හෙළිවී ඇත.

මෙම පංච පුද්ගල ඝාතනය සිදු කළ ඝාතකයන් මේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොමැත. මෙම ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සමන් කුමාර නමැත්තා මේ වනවිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කර ගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment