වවුනියාව සහ මන්නාරමේ ආහාර වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්

46

වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක වල ආහාර නිෂ්පාදනය වැඩි කිරීමටත් ආහාර සුරක්ෂිතභාවය වර්ධනය කරවීමටත් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හා මන්නාරම රදගුරු හිමිපාණෝ නිලධාරීන් පිරිසක් සමග මන්නාරමේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මන්නාරම රදගුරු එමානුවල් ප්‍රනාන්දු හිමිපාණන්ගේ ආරාධනයකට අනුව උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා සහ වවුනියාව මන්නාරම දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ. ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වල ආහාර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳ මෙම සාකච්ඡාවේදී කරුණු විමසා බලා ඇති අතර ආහාර නිෂ්පාදනය වැඩි පළාත් වලින් අඩු නිෂ්පාදනයක් ඇති පළාත් වලට සහනදායී පදනමක් මත ආහාර ද්‍රව්‍ය ලබා දීමටද ආහාර හුවමාරුව සඳහා ස්ථිරසාර වැඩ පිළිවෙළක් සකස් කිරීමටද මෙම සාකච්ඡවේදී තීරණය කොට තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment