මිලියන 6.26 ක ජනතාවට ඊළඟ ආහාරවේල ෂුවර් නෑ – ලෝක ආහාර වැඩසටහන කියයි

124

ශ්‍රී ලාංකිකයන් මිලියන 6.26 ක් ඔවුන්ගේ ඊළඟ ආහාර වේල සම්බන්ධයෙන් අවිනිශ්චිතව පසුවන බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කරයි.

එම වැඩසටහන සිදු කළ, ලෝකයේ නවතම ආහාර අනාරක්ෂිත තක්සේරුවකදී තහවුරු වී තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10 කින් පවුල් 3ක් මෙම ආහාර අවිනිශ්චිතතාවට මුහුණ දෙන බවයි.

වාර්තාගත ආහාර මිල උද්ධමනය, අධික ලෙස ඉහළ ගොස් ඇති ඉන්ධන මිල සහ පුළුල්ව පැතිරී යන භාණ්ඩ හිඟය නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ලෝක ආහාර වැඩසටහන කියා සිටී.

අධික මිල ගණන් හමුවේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් ලබාගත නොහැකි බැවින්, පවුල්වලින් සියයට 61 ක් පමණ තමන් ආහාර ගන්නා ප්‍රමාණය අඩු කිරීම සහ වඩ වඩාත් අඩු පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය වැනි වියදම් කපා හැරීම සඳහා ක්‍රමානුකූලව කටයුතු කරන බව ද එම වැඩසටහන ප්‍රකාශ කරයි.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment