අන්සතු පෙමක පැටලූන නිපුනි සරා සමගත් පැටලෙයිද?

606

නිපුනි පූජිත ගුණවර්ධන. නම ටිකක් අලූත් නේද? ඒ වුණාට අන්සතු ඔබ මියුසික් වීඩියෝව” නාඩගම්කාරයෝ නාට්‍යයේ සංවර්ධන මිස් වගේ චරිත ඔබට අමතක නැහැ. මේ ඇයයි.

 “නිපුනි” සංවර්ධන මිස් ගැන මොකද රසිකයො කියන්නෙ?

 නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ ගීතානි මිස්ට මේ දවස්වල ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනව. ගීතානි කිව්වට ගොඩක් දෙනෙක් කතා කරන්නෙ සංවර්ධන මිස් කියල.

 කොහොමද මේ අවස්ථාව ලැබෙන්නෙ?

 මේ චරිතයට මට කතා කරන්නෙ චන්දන මහත්මයා. සද්ධා මංගල මහත්මයා චරිතය ගැන පැහැදිලිකිරීමක් කළා. ඒ අනුව තමයි මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ.

අන්සතු පෙමක පැටලූන නිපුනි සරා සමගත් පැටලෙයිද?



 නාඩගම්කාරයෝ දර්ශන තලයේ අත්දැකීම?

 නාඩගම්කාරයෝ කියන්නෙ මමත් මගේ අම්මත් ගොඩක් ආසාවෙන් බලපු ටෙලි නාට්‍යයක්. ඒ වගේම මේ මගේ පළමු වැනි ටෙලි නාට්‍යය. ඇත්තටම දර්ශන තලයේදි ඒ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න ලැබීම ලොකු සතුටක්.

 අන්සතු ඔබ වීඩියෝ එකෙන් පස්සෙ මෙවැනි ආරාධනයක් බලාපොරොත්තු වුණාද?

 මම කලා ක්‍ෂේත‍්‍රයට එන්නෙ වෙළෙඳ දැන්වීම් හරහා. ඒ 2015 වර්ෂයේ. එතැනින් පස්සෙ සෙසු චරිත මගින් රොහාන් පෙරේරා මහත්මයාගේ චිත‍්‍රපට දෙකකට සම්බන්ධ වෙනව. 2018 වර්ෂයේදී මිස් වර්ඞ් ශ‍්‍රී ලංකා තරගයට සහභාගී වෙනව. ඉන් පස්සෙ කැලණිය විශ්වවිද්‍යාලයෙන් මගේ නාට්‍ය හා රංග කලාව උපාධියේ වැඩකටයුතු ආරම්භ කරනව. මෑතකදි අන්සතු ඔබ වීඩියෝ එක හරහා මාව දකින්න ලැබෙනව. ඒ හරහා තමයි අද වන විට මට මේ හැම දේම ලැබෙන්නෙ.

අන්සතු පෙමක පැටලූන නිපුනි සරා සමගත් පැටලෙයිද?



 මේ වීඩියෝව නිපුනිගෙ ජීවිතයේ ලොකු වෙනසක් සිදු කළා?

 ඇත්තටම ඔව්. මීට කලින් මම අශාන්තියේ ‘රැුජිණියේ. මියුසික් වීඩියෝවට සම්බන්ධ වුණා. දෙවැනි එක විදිහට තමයි අන්සතු ඔබ වීඩියෝවට සම්බන්ධ වෙන්නෙ. මේ වීඩියෝව මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් බවට පත් වුණා කිව්වොත් නිවැරදියි.

 අන්සතු ඔබ සමාජ මාධ්‍යවල මේ තරම් කතාබහට ලක් වන එකක් වන බව දැනුනද?

 නෑ… නෑ… මම හිතන්නෙ අපේ ටීම් එකේ කවුරුවත් එහෙම හිතන්නෙ නැතිව ඇති. නොසිතූ ප‍්‍රතිචාර ලැබුණා. නොසිතූ ජනප‍්‍රියත්වයක් ලැබුණා. බොහෝ දෙනා අතර කතාබහට ලක් වුණා. ඇත්තටම මෙහෙම දෙයක් කොහොමවත් අපේක්‍ෂා කළේ නැහැ.

 මෙතැනින් පස්සෙ නිපුනි කියන්නෙ කවුද කියලත් රසිකයො හොයන්න ගත්තා?

 මේක වෙනස්ම වැඩක්. ඒ වගේම මහන්සි වෙලා කළ වැඩක්. ඒ අපූර්වත්වයටම තමයි රසික ප‍්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තෙ. ඒ නිර්මාණය හරහා මගේ රංගන හැකියාව තරමක් දුරට හරි පෙන්නන්න ලැබුණ එක ගැන සතුටුයි.

 සංවර්ධන මිස් සරා සමග පෙම් පටලැවිල්ලක් ඇතිකර ගනීවිද?

 මම තවම නම් ඒ ගැන දන්නෙ නැහැ ඉදිරියට මොනව වේවිද කියල. සද්ධා මංගල මහත්මයා තමයි ඒ ගැන දන්නෙ. චරිතය ගැන පැහැදිලි කරනකොට මට කිව්වෙ සරාලගෙ සාර්ථකත්වය වෙනුවෙන් අත දෙන්න එන නිලධාරිනියකගේ චරිතය තමයි මට කරන්න තියෙන්නෙ කියල.

 සජිත එක්ක වැඩකරන්න ලැබුණ අවස්ථාව ගැන මොකද හිතෙන්නෙ?

 ඇත්තටම සජිත කියන්නෙ හොඳ නළුවෙන්. ඒ වගේම සහෝදරයෙක්. වැඩකරගෙන යද්දි හොඳ සහයෝගයක් ලබාදෙනව.

 මේ නාට්‍ය හරහා තවත් ආරාධනා ලැබිල තියෙනවා?

 ඔව්. අන්සතු ඔබ හරහා අවස්ථාවන් බොහොමයක් ලැබුණා. නාඩගම්කාරයෝ හරහාත් ඒ වගේම ආරාධනා ලැබුණා. ඒ ආරාධනා ගැන ඉදිරියේදී තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනව. මේ දිනවල මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමයි මූලිකත්වය ලබා දීලා තියෙන්නෙ. මගේ දායකත්වය උපරිම වශයෙන් ලබා දෙන්න පුළුවන්” උපරිම සාධාරණයක් කරන්න පුළුවන් නිර්මාණවලට ඉදිරියේදී එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.

 පවුලේ විස්තර කොහොමද?

 මගේ පවුලේ අයියලා දෙන්නයි” අක්කලා දෙන්නයි අම්මයි ඉන්නෙ. එයාල තමයි මගේ ලොකුම ශක්තිය.

 ලැබෙන ජනප‍්‍රියත්වය ගැන තියෙන හැඟීම?

 ඇත්තටම ජනප‍්‍රියත්වය කියන්නෙ එක කාලෙකට විතරක් ලැබෙන දෙයක්. ඒ ජනප‍්‍රියත්වයට වඩා මිනිස්සුන්ට මතක හිටින චරිතයක් වෙන්න පුළුවන් නම්” ලැබෙන නිර්මාණය සාර්ථකව කරන්න පුළුවන් නම්” ඒ නිර්මාණ හරහා රසිකයන්ට මතක හිටිනව නම් මම ඒකට ගොඩක්ම කැමතියි.

 ඔබ වෘත්තීයමය රංගන ශිල්පිණියක්ද?

 වෘත්තීයමය රංගන ශිල්පිණියක් වෙන්න මගේ අදහසක් නැහැ. මොකද ලංකාවේ රංගන ශිල්පියකුට හෝ ශිල්පිණියකට වෘත්තීයමය වශයෙන් ක්‍ෂේත‍්‍රයේ නියැළෙන්න පුළුවන් තත්ත්වයක් තවම නැහැ. ඒ තත්ත්වය මත රංගනයෙන් පමණක් අපේ වැඩකටයුතු කරගන්න බැහැ. අපේ රටේ හැකියාවන්ගෙන් පරිපූර්ණ ශිල්පීන් ඉන්නව. ඔවුන් වෙනත් වෘත්තීන්වල නියැළෙන ගමන් රංගනයත් කරනව. ඒක ලොකු අභියෝගයක්. රංගනයේ යෙදෙනව නම් ඒ වෘත්තියට සියයට සියයක් සාධාරණය ඉටු කරන්න ඕන.

 පවුලේ අයගෙ විරුද්ධත්වයක් නැද්ද?

 මම පවුලේ බාලයා. මට වැඩිමල් හතර දෙනෙක් ඉන්නවා. අපේ අම්මා පොඩිකාලෙ ඉඳන් අපිව තේරුම් අරගෙන ඉන්නව. හරි දේ වැරදි දේ කියල දීලා අපි කැමති දේවල් වලට උදව් කළා.

 ක්‍ෂේත‍්‍රය ගැන අවබෝධය මොන වගේද?

 ක්‍ෂේත‍්‍රය ගැන මට ලොකු අදහසක් නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕනා වැඩ කරන්න ඕන කොහොමද” ඉන්න ඕන කොහොමද කියන දේ. ඒක ඕනෑම ක්‍ෂේත‍්‍රයකට අදාළ දෙයක්. හිතට එකඟව වැඩ කරනව නම් ඇත්තටම මේ ක්‍ෂේත‍්‍රය තුළ හොඳ ගමනක් යන්න පුළුවන්.

 බයික් එක පුරුදු වුණේ නාට්‍ය නිසාමයි?

 චරිතය ගැන පැහැදිලි කරද්දි සද්ධා මංගල මහත්මයා කිව්වා බයික් එකක් පදින්න තියෙනව කියල. එතනදි මම ටිකක් අවුල් වුණා. මොකද මම ඒ වෙනකොට බයික් පදින්න දැනගෙන හිටියෙ නැහැ. නමුත් ඒක නිසා මට ලැබුණ අවස්ථාව මගහැරගත්තෙ නැහැ. අභියෝගයක් විදිහට භාරගෙන ඒකත් පුරුදු වුණා.

 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment