පිරමීඩ ගැටයට අසු වූ ටියුෂන් සර්ගේ සිරුර බොල්ගොඩ ජලාශයෙන් හමු වෙයි

1066

පිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කළ බව කියන පුද්ගලයකුගේ මළසිරුර බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබියදී ඊයේ (14දා) හමුවූ බව පානදුර උතුර පොලිසිය පවසයි.

මියගොස් ඇති පුද්ගලයා පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දු නමැත්තා බවට පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන ඇති බවත්, ඔහු උපකාරක පංති ගුරුවරයකු බවත් පොලිසිය කියයි.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් ස්ථානීය පරීක්‍ෂණය සිදු කර ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය ද සිදුකර තිබේ. මියගොස් ඇති පුද්ගලයා කොළඹ මරදාන ප්‍රදේශයේ සිංහල විෂය පිළිබඳ උපකාරක පංති ගුරුවරයකු ලෙස කටයුතු කරන බවත් ඔහු පීරමීඩ ජාවාරමකට මුදල් ආයෝජනය කර සිත්තැවුලෙන් සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසයි. ඔහු සිය පෙම්වතියට ‘මම යනවා. ඔයා හොඳින් ඉන්න’ යනුවෙන් පණිවුඩයක් යවා ඇති බවට ද වාර්තා වේ.

මෙම පුද්ගලයා අතුරුදන් බවට මොරටුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණු බවද පැවසේ.

පානදුර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ඒ.ඩී. මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

වාද්දුව – සුමිත් පොතුපිටිය සහ පානදුර – දීපිකා කාරියවසම්

advertistmentadvertistment
advertistmentadvertistment