තියුණු ආයුධ සමගින් අපරාධයකට සැරසුණු ත්‍රිරෝදයක පැමිණි දෙදෙනා දැලේ

104

දෙහිවල පොලිස් වසමේ මංගලාරාම විහාරය අසල මාර්ගයේ දී ක්ෂණික මාර්ග බාධක මෙහෙයුම සිදුකරමින් සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීන් ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී ත්‍රිරෝද රථ රියැදුරු ද එහි පැමිණි පුද්ගලයන් දෙදෙනාට සැක සිතී පරීක්ෂා කර ඇත. එම කුලී ත්‍රිරෝද රථයේ පැමිණි පැපිලියාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයකු සන්තකයේ තිබී මිට සහිතව අඟල් 12.5 ක් දිගැති තහනම් පිහියක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමග ගමන්ගත් අනෙක් පුද්ගලයාද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

කුලී ත්‍රිරෝද රථය සහ එහි රියැදුරු මුදාහැර ඇත. විශේෂ කාර්ය බළකාය කළුබෝවිල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්. එම්. කේ. විජේසිංහ මහතාගේ මඟපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි) විශේෂ මෙහෙයුම් (මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත කළුබෝවිල කඳවුරේ උ.පො.ප. ඒ. අයි. උදේන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment