මේ වසරේ මාස 6ට රුපියල 17.6% කින් ශක්තිමත්

198

මේ වසරේ (2023) මුල සිට ඉකුත් ජුනි 28 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 17.6 කින් ශක්තිමත් වී ඇත.

ඇමෙරිකානු ඩොලරයට අමතරව තවත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් වර්ග ගණනාවකට සාපේක්‍ෂව රුපියල ශක්තිමත් වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුව මේ වසරේ (2023) මුල සිට ඉකුත් ජුනි 28 දින දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්‍ෂව සියයට 14.5 කින් ද, ස්ටර්ලින් පවුමට සාපේක්‍ෂව සියයට 11.3 කින්ද, ජපන් යෙන් මුදලට සාපේක්‍ෂව සියයට 27.7 කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 19.8 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්‍ෂව සියයට 16.5 කින් ද ශක්තිමත් වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment