නුවරඑළිය අසිරිමත් උළෙල ඇරඹෙයි

135

නුවරඑළිය වසන්ත උදානය පාසල් හා ආරක්ෂක අංශ තූර්ය වාදක කණ්ඩායම් සංදර්ශන හා විවිධ විචිත්‍රාංගවලින් සැරසෙමින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් (01) දින නුවරඑළිය ගේගරි වැව් පරිශ්‍රයේදී ආරම්භ කෙරිණ.

සෑම වසර වලදී මෙන්ම මෙම වසරේදීත් අවුරුදු සමය වෙනුවෙන් සුන්දර නුවරඑළිය සංචාරක නගරයේ අසිරිය විඳගන්නට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයන්ගේ සතුට විනෝදය මානසිස නිදහස වෙනුවෙන් අප්‍රේල් මාස 01 සිට 30 දක්වා මෝටර් රථ තරග, තුරඟ තරග, බෝට්ටු සංදර්ශන හා බෝට්ටු තරග, වසන්ත මල් දැක්ම , ආහාර සැණකෙළි, අධ්‍යාපනික ප්‍රදර්ශන, කෘෂිකාර්මික ප්‍රදර්ශන ඇතුළු නොයෙකුත් විනෝදජනක ක්‍රීඩා ඉසව් රාශියකින් සමන්විතව ඇත.
ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment