ඔන්ලයින් පනත සාමූහිකව පරදවන්න ඒකාබද්ධ ප්‍රකාශයක්

50

මහජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට සීමා පනවමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීමට ‘ඔන්ලයින්’ පනත හරහා රජය දරන උත්සාහය සාමූහිකව පරාජය කළ යුතු බව සිවිල් සංවිධාන විද්වතුන් පුරවැසි ක්‍රියාකාරීන් ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් ප්‍රකාශ කර තිබේ.

ඉදිරි සතිය තුළ සම්මත කර ගැනීමට සැලසුම් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ප්‍රති ත්‍රස්ත පනත ඇතුළු මහජන පීඩාකාරී පනත් කෙටුම්පත් කිහිපයෙන්ම අපට පෙනී යන්නේ රටේ පුරවැසියන් බියවද්දමින් හා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම් අයිතිවාසිකම් මඬලමින් ඉදිරි මැතිවරණ කෙසේ හෝ ජය ගැනීමේ ඉලක්ක ඇතිව ක්‍රියාවට නැංවීමට උත්සාහ දරන පටු ක්‍රියා මාර්ග වශයෙනි. මහජනතාව විසින් ලබාදුන් ජනවරමකින් තේරී පත් නොවූ ජනාධිපතිවරයකු සහ

මහජනතාවගෙන් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප වී සිටින මහජන නියෝජිතත්වයකින් සමන්විත පාර්ලිමේන්තුවට එවැනි මහජන පීඩාකාරී අණ-පනත් සම්මත කරමින් නව නීති පැනවීමට කිසිදු සදාචාරාත්මක අයිතිවාසිකමක් නොමැති බව රටේ පරමාධිපත්‍යය දරන පුරවැසියන් සමාජ ක්‍රියාකාරිකයන් හා වෘත්තීය සමිති ක්‍රියාධරයින් වශයෙන් මෙම ප්‍රකාශනයට අත්සන් තබන අප සැමගේ විශ්වාසයයි.

අන්තර් ජාලය පාලනය කිරීම සඳහා පනත් කෙටුම්පතක අවශ්‍යතාවයක් නොමැති බව අපගේ අදහස වන අතර අන්තර්ජාලය ඔස්සේ සිදුවන වැරදි සඳහා ක්‍රියාත්මක වීමට අවශ්‍ය තරම් නීති අප රට තුළ දැනටමත් පවත්නා බව අපගේ විශ්වාසයයි.

මෙම ඒකාබද්ධ ප්‍රකාශය ඒකාබද්ධ කමිටුවේ හනා ඊබ්‍රහිම්ද් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා දුමින්ද සම්පත් (වෘත්තිය මාධ්‍යවේදීන්ගේ සංගමය) මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment