19 න් පහළ අවසන් පූර්ව තරග අද සහ හෙට

128

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවන ලද වයස අවුරුදු 19 න් පහළ පළමු කොටසේ දෙදින ක්‍රිකට් තරගාවලියේ ටියර් ් – 2 කොටසේ තීරණාත්මක අවසන් පූර්ව තරග අද (03) සහ හෙට (04) කොළඹදී පැවැත්වේ.

කොළඹ දාස් කැපිටල් ක්‍රීඩාංගණයේදී කුරුණෑගල මලියදේව විදුහලට එරෙහිව මහනුවර ත්‍රිත්ව විදුහල තරග වදින අතර ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලට එරෙහිව මරදාන ශාන්ත ජෝශප් විදුහල තරග බිමට පිවිසීමට සුදුසුකම් ලබා සිටියි. මෙම තරග ආශ්‍රිතව ජයග්‍රහණ අත් කර ගන්නා දෙපිල තීරණාත්මක අවසාන තරගයට වරම් ලබති.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment