වකුගඩු දුර්වලතා

659

වකුගඩු රෝගවලට ගොදුරුවන පිරිස වර්තමානයේ ඉහළ යෑමක් පවතින බව, ඒ සම්බන්ධව සිදුකර ඇති සමීක්‍ෂණ මගින් වාර්තා වේ. මේ සඳහා බලපා ඇති ප්‍රධාන කරුණු කිහිපයක් ඇත. දීර්ඝ කාලයක් තිස්සේ පවතින දියවැඩියාව, අධි රුධිර පීඩනය, ආහාර පාන වලින් සිරුරට එක්වන වස විස ඊට බලපා ඇති ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකිය.

සිරුරේ සමබර ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යෑමට වකුගඩුවල ක්‍රියාකාරීත්වය වැදගත් වේ. ආහාරවලින් සිරුරට එක්වන ද්‍රව සහිත කොටස්වල ඇති පෝෂක කොටස් සිරුරට උරා ගැනීමටත් සිරුරට අහිත කර විෂ සහිත කොටස් මුත්‍රා මගින් සිරුරින් පිටකිරීමට අදාළ පෙරීමේ කටයුතු කරන්නේත් වකුගඩු මගිනි.

වකුගඩුවල ඇති ගුජ්ජිකා කොටස් මගින් අදාළ පෙරීම් කටයුතු සිදුකරනු ලබයි.

සිරුරට නිතර රසදිය, තඹ, කැඩ්නියම්, පොටෑසියම් වැනි බැර ලෝහ වර්ග එක්වීම නිසා ඒවා වකුගඩුවලට ගමන් කිරීමෙන් වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුර්වලවීමට පටන් ගනී.

මෙවැනි බැර ලෝහ වර්ග බහුලව සිරුරට එක්වන්නේ රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර ආදිය එක්කර වගාකළ ආහාර මගිනි. එනිසා එම ආහාර වර්ග නිතර ගැනීම මගින් වකුගඩුවලට හානි සිදුවේ.

● වකුගඩු දුර්වල වීම

කුමන හෝ හේතුවක් නිසා වකුගඩු දුර්වල වීම සිදුවූ විට එම දුර්වල වී ඇති මට්ටම අනුව රෝග ලක්‍ෂණ මතුවේ. මුත්‍රා පිටවීමේ දුර්වලතා ඇතිවීම, මුත්‍රාවල පැහැය වෙනස් වීම, මුත්‍රා පිටවීමේදී අධික පෙන සහිත බවක් පැවතීම, කොන්ද පිටුපසින් ඉන ප්‍රදේශයට ආසන්නයේ දෙපසින් වේදනාවක් හට ගැනීම, බඩ පුරවා දැමීම, හුස්ම ගැනීමේ අපහසුව හා හතියක් මතුවීම, ඇඟපත තෙහෙට්ටුව, දෙපාවල ඉදිමුමක් ඇතිවීම, බඩ ඉදිමුමට ලක්වීම, මුහුණේ ඉදිමුමක් ඇතිවීම, ආහාර ආරුචිය, නිතර උණ සහිත බවක් පැවතීම ආදී ලෙසින් රෝග ලක්‍ෂණ ඇතිවේ.

මෙවැනි රෝග ලක්‍ෂණ මතුවූ විට වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්බන්ධව වෛi පරීක්‍ෂාවකට යොමුවීම වැදගත්ය. එහිදී වකුගඩුවේ ක්‍රියාකාරීත්වයේ පවතින දුර්වලතාවය අනුව ඊට නිසි ප්‍රතිකාර ලබාදී නැවත වකුගඩුවල ක්‍රියාකාරීත්වය සාමාන්‍ය මට්ටමට පත්කළ හැකිවේ.

● ප්‍රතිකාර

වකුගඩු අක්‍රියවීම සිදුවී ඇති මට්ටම අනුව ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීමට දේශීය වෛද්‍ය ප්‍රතිකාර සහ පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය තුළ ඖෂධ වර්ග රැසක් පවතී. මෙහිදී රස ඖෂධ මිශ්‍ර ප්‍රතිකාර, තෙල් වර්ග සහ විශේෂ ඖෂධ වට්ටෝරු ආදී ලෙසින් ප්‍රතිකාර රැසක් පවතී.

මෙවැනි ප්‍රතිකාර මගින් වකුගඩුවල මතුව ඇති දුර්වලතාවයන් සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකිය.

එහිදී වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන දින 16 බෙහෙත් වාර 01 ත් 08 ත් අතර ප්‍රතිකාර ක්‍රමය මගින් රෝගය සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමේ හැකියාව පවතී.

මෙම බෙහෙත් වාර මගින් රුධිරය පිරිසිදු කිරීම, අක්මාව, පිත්තාශය, ආමාශය ආදියෙහි පවතින රෝගාබාධ ද සුවපත් කරමින් රෝගියාගේ සිරුර සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත් කරනු ලබයි. එමගින් වකුගඩුවලට බලපා ඇති සියලු රෝගාබාධද ඉවත් වන නිසා රෝගය ඉතා ඉක්මනින් සුවපත් කළ හැකිවේ.

ඒ අනුව ඇතැම් රෝගීනට මෙම දින 16 බෙහෙත් වාරයක් දෙකක් ගන්නා විට රෝගය සුවපත් වේ. ප්‍රතිකාර ගන්නා විට නිසි වෛi උපදෙස් මත ආහාර පාන ගැනීම කළ යුතුය. මත්පැන් පානය, දුම්පානය ආදිය සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතුය.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 077-8985757 ඇමතිය හැකිය.

වකුගඩු දුර්වලතා

ආයුර්වේද, පාරම්පරික, දේශීය, සර්වාංග, රස වෛද්‍ය ආචාර්ය වෛද්‍ය වජිරජීව සරත් කුමාර
ජීව බල වෙදමැඳුර අංක 46/2/4,නැඟෙනහිර මාවත, කිරිල්ලවල, කඩවත

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment