වීසා නැතිව ප්‍රවීණයෝ අසරණ වෙති

204

පෝලන්තයේ ටෝරුම් හි පැවැත්වුණු ලෝක ප්‍රවීණයන්ගේ ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය 2023 සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩකයන් පහළොස් දෙනාටම එම තරගාවලියට සහභාගි වීමට අදාළ වීසා, පෝලන්ත රාජ්‍යයෙන් ලබා දී නොමැති බව වාර්තා වේ.

පෝලන්තයේ ටෝරුම් හි මෙම තරගාවලිය පසුගිය මාර්තු 26 වැනිදා ආරම්භ වූ අතර මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සඳහා සහභාගිවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර ඔවුන් සිය පෞද්ගලික වියදමින් හෝටල් කාමර පවා වෙන් කරවාගෙන ඇත. මේ ආකාරයෙන්ම මීට සති කිහිපයකට පෙර ඔස්ටේ්‍රලියාවේ පැවති ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියකටද සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රවීණයන්ගේ කණ්ඩායමකට එරටින්ද වීසා ලබා දී නැති බව වාර්තා වේ.

ඔවුන්ට ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයෙන් අවශ්‍ය සහයෝගය නොලැබුණු බවත් වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment