අයර්ලන්ත පළමු ඉනිම 492 කට නිමාවේ

185


ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 492ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී අයර්ලන්ත ක්‍රීඩක කර්ටිස් කැම්පර් ලකුණු 111ක් ද පෝල් ස්ටර්ලින් ද ලකුණු 103ක් රැස්කර ගැනීමට සමත් වූහ.

පන්දුයැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුළු 5ක් දවා ගත්තේය.

විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගත් අතර රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් දවාගත්තේය.අද තරගයේ දෙවැනි දිනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment