සීතා එළිය සීතා කෝවිල වෙනුවෙන් විශේෂ සමරු කවරයක්

181


නුවර එළිය සීතා එළිය සීතා කෝවිල වෙනුවෙන් විශේෂ සමරු කවරයක් නිකුත් කර ඇත. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 23 වැනිදා පැවති විශේෂ උත්සවයක දී මෙය සිදුකරන ලදි.එසේම මෙම ඓතිහාසික කෝවිලේ භාවනා මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල තැබීම ද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූවේ ඉන්දියාව ශ්‍රී ලංකාව මුහුණ දුන් දුෂ්කරතම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව සමඟ සිටි බවය. මෙම භාවනා මධ්‍යස්ථානය සංචාරක කර්මාන්තය සහ මානව සංවර්ධනය සඳහා දායකත්වය ලබා දෙනු ඇති බව ද අවධාරණය කළේය.
ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් මෙම විශේෂ අවස්ථාවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ සිට පැමිණි බැතිමතුන්ගේ සහභාගීත්වය අගය කළ අතර ඔවුන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනක් පුරා පවතින මනා ශිෂ්ටාචාරමය උරුමයේ සහ සාරධර්මයන් හි තානාපතිවරුන් බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment