මේ සතියේ ඉන්ධන කෝටාව

486


උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඊයේ පැවති ඛනිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී එම තීරණය ගත් බවය.

ඉන්ධන කෝටාව ඉහළ නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන ඇනවුම් සැලසුමේ වෙනසක් නොවන බව නිරීක්ෂණය වූ බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

පසුගිය සති තුනේ දෛනික ඉන්ධන භාවිතය සහ ඉන්ධන නිකුතුව පිළිබඳව දත්ත නිරීක්ෂණය කිරීමේ දී ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර පැවති දෛනික ඉන්ධන නිකුතුව හා සමාන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment