කතානායක අත්සන් කළ ඔන්ලයින් පනත ජනතාවගේ කටවල් වහන රාජ්‍ය ත්‍රස්තවාදයක් – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

39

කතානායකවරයා විසින් මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත බලාත්මක කිරීමට අත්සන් තැබූ බවත් මාර්ගගත සුරක්ෂිතභාවයට පෙර මාර්ගගත අධ්‍යාපනික පහසුකම් දිරි ගැන්වීම සඳහා නීති සම්පාදනය කිරීමට රජයට නොහැකි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ ඉකුත් 01 වැනිදා සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 77 වැනි අදියර යටතේ ගාල්ල, බද්දෙගම ශ්‍රී රතනසාර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

කතානායක අත්සන් කළ ඔන්ලයින් පනත ජනතාවගේ කටවල් වහන රාජ්‍ය ත්‍රස්තවාදයක් - විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස
කතානායක අත්සන් කළ ඔන්ලයින් පනත ජනතාවගේ කටවල් වහන රාජ්‍ය ත්‍රස්තවාදයක් - විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

කොරෝනා කොවිඩ් සමයේ දූදරුවන් පරිගණක, දුරකථන, ටැබ් යන්ත්‍ර නොමැතිව එක උපකරණයකින් දරුවන් 10-15 දෙනකු අධ්‍යාපනය ලැබූවා. තවත් සමහර දරුවන් ගස්, ගල්, පර්වත තරණය කරමින් අධ්‍යාපනය ලැබුවත් රජයෙන් ඒ සඳහා කිසිදු සහනයක් ලැබුනේ නැහැ. එවැනි තත්ත්වයක් උඩ මෙවැනි පනතක් සම්මත කරමින් ජනතාවට කතා කිරීමේ, රැස්වීමේ, අදහස්

පළ කිරීමේ නිදහස ඇතුළු දේශපාලන නිදහස විනාශ කර දමලා.

මාර්ගගත සුරක්ෂිතභාවය පනත ප්‍රතිගාමී, ජනතාවගේ කටවල් වහන, රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වැඩකි.

රාජ්‍ය මිලේච්ඡත්වයට, රාජ්‍ය ත්‍රස්තවාදයට සමගි ජන බලවේගයේ ගමන නැවැත්විය නොහැකියි. ආණ්ඩුවට විවිධ දේ තහනම් කරන්න පුළුවන් වුණාට මාර්ගගත අධ්‍යාපන පහසුකම් ලබා දීමට නොහැකි වී තිබේ.

කයිවාරුවලින් රසවත් වචනවලින් සැණකෙළිවලින් තාවකාලික වින්දනයක් ලබා ගත හැකි වුවත් එහි හරයක් නැහැ. හරයක් තිබෙන වැඩක් කරන්නේ නම් කයිවාරු ගැසීම අවශ්‍ය නැහැ. මා සමඟ තරගකරනවා වෙනුවට ජනතාවට වැඩක් කර පෙන්වන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

කතානායක අත්සන් කළ ඔන්ලයින් පනත ජනතාවගේ කටවල් වහන රාජ්‍ය ත්‍රස්තවාදයක් - විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

ණය ගෙවා ගත නොහැකිව හිඟමනේ යන මේ මොහොතේ දැන්වත් ඇස් ඇර සත්‍ය යථාර්ථය අවබෝධ කර ගත යුතුයි. බංකොලොත්භාවය තුළවත් නිවැරදි තීන්දු තීරණ ගත යුතුයි.

පෙබරවාරි 4 වැනිදා නිදහස සමරණ විට අප රට තුළ සත්‍ය වශයෙන්ද අධ්‍යාපනයේ නිදහස ඇත්ද කියා ගැටලුවක් පවතිනවා. නිදහස් අධ්‍යාපනයක් පැවැතියත් අධ්‍යාපනයේ නිදහසක් ඇත් ද කියා පාසල්වල කැඩී බිඳී ගොස් ඇති ගොඩනැඟිලි දෙස බැලීමේදී පෙනී යනවා.

advertistmentadvertistment
advertistmentadvertistment