වැහුණත්….. ඇරුණත් සල්ලි? – සුරාබදු ලොක්කන්ගේ අයථා වත්කම් සොයයි

795

සුරාබදු ඇතැම් ප්‍රධානීන් අයථා ලෙස මුදල් උපයාගෙන ඇති ද යන්න සෙවීම සඳහා රජයේ විශේෂ අවධානයක් යොමුවී තිබේ.

මේ වනවිටත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවීමත් සමග මෙම විමර්ශන කඩිනම් කිරීමට පියවර ගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර බදු නොගෙවීම සහ වෙනත් සිදුවීම් නිසා වසා දැමෙන සුරාබදු සමාගම් නැවත විවෘත කිරීම ප්‍රමාද කරමින් ලක්ෂ 300ක අතයට ගනුදෙනුවක හුවමාරුවීමක් සිදුවී ඇති ද යන්න පිළිබඳව හා එම සමාගම් විවෘත කිරීම ප්‍රමාද කිරීම හරහා වාසිය පෙන්වා විවෘතව ඇති සම්ගම්වලින් ලක්ෂ 500ක අතයට ගනුදෙනුවක් සිදුවී ඇති ද යන්න සෙවීමට මෙම විමර්ශනයේදී අවධානයට යොමුවී ඇත.

මේ අන්දමින් මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇත්නම් හා ඒවාට වෙනත් අමාත්‍යංශවල නිලධාරීන් සම්බන්ධවී ඇත්නම් ඔවුන්ගේ තරාතිරම නොබලා කටයුතු කිරීමට අවධානය යොමුවී තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment