බන්ධනාගාර ගත නොකර සුළු වැරදි කළ අය නිවාස අඩස්සියේ රඳවන්න නීති ගේනවා – ඇමැති විජයදාස රාජපක්ෂ

47

සුළු වැරදි කළ පුද්ගලයන් බන්ධනාගාරගත නොකර නිවාස අඩස්සියේ රඳවා තැබීමට හැකි වන පරිදි නීති සංශෝධනය කිරීම සඳහා නීති ගෙන එන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව වරදකරුවන්ගේ දෙමාපියන් හෝ ඥාතීන් කැඳවා බැඳුම්කරයකට අත්සන් තැබීමෙන් පසු අධීක්ෂණය යටතේ නිවාස අඩස්සියේ රඳවා තබන බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙමගින් බන්ධනාගාර තුළ පවතින අනවශ්‍ය තදබදය නැති කළ හැකි බව ද අමාත්‍යවරයා කීවේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment