ලක්ෂ 50ක් වටිනා කේජී අල්ලයි

272

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ආනයනය කරන ලද කේරල ගංජා සමග පුද්ගලයෙකු පේදුරුතුඩුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද කේරල ගංජා ප‍්‍රමාණය කිලෝ 14ක් පමණ වන බවත් මෙම කේරල ගංජා ප‍්‍රමාණය ඉන්දීය ධීවරයන්ගේ ධීවර යාත‍්‍රා වලින් ඉන්දීය මුහුදු සීමාවදී දේශිය ධීවර බෝට්ටු වෙත හුවමාරු කරගනිමින් පසුව මෙරට තුළට ගෙන එන බවත් මෙම ජාවාරම මෙම සැකකරු විසින් අවුරුද්දක පමණ කාලසීමාවක සිට සිදුකරන ලද බවත් සැකකරුගෙන් සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබේ.

මෙම කේරල ගංජා ප‍්‍රමාණය හි වෙලදපල වටිනාකම රුපියල් ලක්ෂ පනහක් පමණ වන බව සුරාබදු මාධ්‍ය ප‍්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා පේදුරුතුඩුව පදිංචි වයස අවුරුදු 44 ක් පමණ අතර මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද බවත් කපිල කුමාරසිංහ මහතා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment