තිරිඟු ආනයන බලපත්‍ර අහෝසියි

129

තිරිඟු ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසි කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙම බලපත්‍ර ක්‍රමය අහෝසි කර ඇත්තේ පෙරේදා (29 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදිය.

තිරිඟු පිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදල ද කිලෝවකට රු.16 සිට රු.27 දක්වා වැඩි කිරීමට සහ තිරිඟු ඇට කිලෝවක් සඳහා රු.6 ක බද්දක් පැනවීමට කටයුතු කළ බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියයි.

මේ හේතුවෙන් තිරිඟු පිටි මිල ඉහළ යෑමක් සිදු නොවන බවත් තිරිඟු පිටි ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමඟින් අපේක්‍ෂා කරන බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා තවදුරටත් පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment