ආර්ථික ප‍්‍රශ්න විසඳීමට දැඩි තීරණ ගන්න වේවි – නව මහ බැංකු අධිපති කබ්රාල් කියයි

177

ආර්ථික ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමේදී ඉතා දැඩි ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමට සිදුවනු ඇතැයි නව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (15 දා) මහ බැංකුවේදී වැඩභාර ගැනීමෙන් පසු පැවසීය.

එකිනෙකට පරස්පර ආර්ථික ඉලක්ක අතර තුලනයක් ඇතිකර ගත යුතු බවත්, එම අභියෝගය ජය ගැනීම පහසු නොවන බවත් කබ්රාල් මහතා කීවේය.

මේ වගකීම ඉටුකිරීමේදී නොයෙකුත් බාධා ඇතිවනු ඇති බවත් ඒ සියලූ අභියෝගවලට මුහුණදීමට සිදුවනු ඇති බවත් නව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ආර්ථිකයට සහ වෙළෙඳපොළට මාර්ගෝපදේශයන් ලබාදිය යුතු බව ද එසේම ආර්ථිකයට මානයක් අවශ්‍ය බව ද කබ්රාල් මහතා කීවේය. ආර්ථිකයේ සියලූම පැති දෙස බලා තීරණ ගත යුතු බව ද අද ගත යුතු තීරණ හෙට නොව අදම ගත යුතු බව ද ඔහු කීවේය. කබ්රාල් මහතා ඊයේ සවස 2.15ට පමණ සියලූ ආගමික ආශිර්වාදවලින් පසු නව මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගත් අතර ඉන්පසු පැමිණ සිටි පිරිස අමතමින් මේ බව කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment