ශ්‍රී ලංකාවට ලකුණු 287 ක ඉලක්කයක්

150

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන එක් දින තරගය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (15 වැනිදා) පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශය ශ්‍රී ලංකාව ඉදිරියේ ලකුණු 287 ක ඉලක්කයක් තැබීය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කළ අතර ඔවුහු සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 286 ක් රැස් කළහ.

ශ්‍රී ලංකාවට ලකුණු 287 ක ඉලක්කයක්

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ තව්හිද් රිඩෝයි නොදැවී ලකුණු 96ක් රැස් කළ අතර රිඩෝයි ගේ ඉනිමට 6 පහර 5ක් සහ 4 පහර 3ක් ඇතුළත් විය.

එම ලකුණු සංඛ්‍යාව රිඩෝයි ගේ වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව ද වේ.

ඔහු බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දු දෙකට ද දැවැන්ත

6 පහර දෙකක් එල්ල කිරීමට සමත් වූයේය.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් දෙවනියට වැඩිම ලකුණු ලබාගත් සෞම්‍ය සර්කාර් ලකුණු 68ක් ලබා ගත් අතර නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ ලකුණු 40 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 45කට කඩුලු 4ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා පන්දු යැවීමේදී මෙම තරගයේදී ද සාර්ථක ආරම්භයක් ලබාගත් ආරම්භක වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ බංග්ලාදේශ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේදීම ලකුණු බින්දුවකට දවා ගැනීමට සමත් වූයේය.

ඩිල්ශාන් මධුසංඛ ලකුණු 30 කට කඩුලු දෙකක් දවා ගත් අතර අනෙක් කඩුල්ල ප්‍රමෝද් මදුශාන්ට හිමි විය.

ලකුණු සාරාංශය

බංග්ලාදේශය 286/7(50)

තව්හිද් රිඩෝයි නොදැවී 96, සෞම්‍ය සර්කාර් 68, නජ්මුල් හුසේන් ෂැන්ටෝ 40

පන්දු යැවීම

ඩිල්ශාන් මධුසංඛ 6.4-30-2, වනිඳු හසරංග 10-45-4, ප්‍රමෝද් මධුශාන් 9-72-1

advertistmentadvertistment
advertistmentadvertistment