සිංගර් ශ්‍රී ලංකා විසින් 13 වන පරම්පරාවට සරිලන Dell Inspiron ලැප්ටොප් සහ Vostro ඩෙස්ක්ටොප් හඳුන්වා දෙයි

60

Dell නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ නිල නියෝජිතයා වන සිංගර්, 13 වන පරම්පරාවේ Inspiron සහ Vostro සන්නාමගත පාරිභෝගික සහ වාණිජ ඩෙල් නිෂ්පාදන හඳුන්වා දීම නිල වශයෙන් නිවේදනය කළේය.

සිංගර් වෙතින් මිලදී ගන්නා සෑම Dell නිෂ්පාදනයක් සඳහාම සිංගර් වගකීම හිමිවීම විශේෂත්වයකි.

ගුණාත්මක නිෂ්පාදන වගකීමෙන් යුතුව බෙදා හරින සමාගමක් වන සිංගර්, ගෙන්වා බෙදා හරින සියලු‍ම නිෂ්පාදන සඳහා නීත්‍යනුකූල වගකීමක් ලබා දෙන අතර, ඊට අවශ්‍ය රෙගුලාසි සහ ක්‍රියා පටිපාටි නිසියාකාරව පිළිපදිමින්, බෙදාහැරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීමටද එම සමාගම කැප වෙයි. අඛණ්ඩ හා කාරයක්ෂම බෙදා හැරීමේ ක්‍රියාවලියක් පවත්වා ගැනීම වෙනුවෙන් සිංගර් සමාගම දක්වන කැප වීම නිසාම එම සමාගම තුන් වන වරටත් ‘වසරේ බෙදාහරින්නා‘ ලෙස තේරී පත් විය.

සිය පාරිභෝගිකයින් වෙත තරඟකාරී මිල ගණන් යටතේ නිෂ්පාදන පිරිනැමීමට නිරන්තරයෙන් කටයුතු කරන සිංගර් සමාගම, සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ හැකි උපරිම වාසි සිය පාරිභෝගිකයින් වෙත පිරිනැමීමට කටයුතු කරයි.

සිංගර් සමාගම අලු‍තින් හඳුන්වා දුන් Vostro සහ Inspiron නිෂ්පාදන පෙළ වැඩිදියුණු කළ තාක්ෂණයෙන් යුක්ත වන අතර, Intel i3, i5,, ස5, සහ i7 processor මගින් බල ගැන්වෙන SKU වලින් සමන්විත වේ. එය පෙර මාදිලිවලට සාපේක්ෂව ඉහළ කාර්‍යසාධනයකින් යුක්ත වන අතර, එමගින් පරිශීලකයින්ට සිය එදිනෙදා ක්‍රියාකාරකම් ඇතුළු සියලු‍ම කාර්‍යයන් සඳහා වඩා කාර්යක්ෂම අත්දැකීමක් ලබා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment