ඩිල්මා තේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

226

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තේ නිෂ්පාදන මෙන්ම තේ අපනයන සමාගමක් ලෙසින් කීර්තිමත් නාමයක් දිනා සිටින ඩිල්මා තේ සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා ඊයේ (20දා) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වන විට 93 වැනි වියේ පසුවූ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා 1930 වර්ෂයේදී මීගමුව, පල්ලන්සේන ප්‍රදේශයේදී උපත ලැබූ අතර 1985 වර්ෂයේදී ඩිල්මා සමාගම ආරම්භ කළේය. එහි නිෂ්පාදනය කරනු ලබන දේශීය තේ මේ වන විටත් ලොවපුරා රටවල් සියයකට අධික ප්‍රමාණයකට අපනයන කරනු ලබයි.

ශ්‍රී ලංකා තේ සහ ශ්‍රී ලංකා සන්නාමය ජාත්‍යන්තරයට ගෙන යමින් එය ප්‍රචලිත කිරීමේ පුරෝගාමියකු වූ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතාගේ දේහය ඊයේ (20දා) රාත්‍රි 8.00 සිට අද (21දා) රාත්‍රි 10.00 දක්වා බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment