Unimo Enterprises විසින් දේශීයව එකලස් කරන ලද JMC N720 ට්‍රක් රථය එළිදක්වයි

72

යුනයිටඩ් මෝටර්ස් ලංකා පී එල් සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Unimo Enterprises සමාගම විසින් දේශීයව එකලස් කරන ලද නවතම JMC N720 වාණිජ ට්‍රක් රථය පසුගියදා හඳුන්වා දෙන ලදී. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “කර්මාන්ත ප්‍රදර්ශනය 2023” හි දී සිදුවූ මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් මෙන්ම කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ නියෝජිතයන් සහ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් නියෝජිතයන් රැසක් ද එක්ව සිටියහ.

මෙම රථයට ටොන් 3ක බරක් පැටවිය හැකි අතර බලසම්පන්න 2771cc ඩීසල් එන්ජිමකින් ද සමන්විත වේ. මෙහි අන්තර්ගත වන 5 forword ගියර් පද්ධතිය මගින් ට්‍රක් රථයට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් බලයක් සහ කාර්යක්ෂමතාවයක් සපයනු ලබයි. දිග අඩි 12ක cargo deck එකකින් සමන්විත මෙම ට්‍රක් රථයට ඇලුමිනියම් බඳක් සවිකර ඇති අතර පවර් ස්ටියරින්, AC රේඩියෝ, MP3, USB සහ Central Locking ආදී උපාංග රැසකින් ද සමන්විත වේ.

Unimo ආයතනය විසින් දිවයින පුරා ස්ථාපිත අලුත්වැඩියා මධ්‍යස්ථාන 07ක් මගින් රටේ ඕනෑම ප්‍රදේශයක සියලුම ට්‍රක් රථ නඩත්තු සහ අලුත්වැඩියා අවශ්‍යතා සපුරාලීම ද සහතික කර ඇත්තේ පාරිභෝගිකයාට අලෙවියෙන් පසුව ද වඩාත් විශ්වසනීය ඉහළම සේවාවක් පිරිනමමිනි. එබැවින් ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙනුවෙන්ම වෙළෙඳ පොළට හඳුන්වා දී ඇති මෙම JMC N720 ට්‍රක් රථය දේශීය ව්‍යාපාරික ප්‍රජාවට මහඟු අත්වැලක් වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment