බාලවයස්කාරියන් දෙදෙනකුට හදිකළ දෙදෙනකු අකුරැස්සෙන් අල්ලයි

639

බාලවයස්කාර දැරියන් දෙදෙනකු නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය සිදුකර අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අකුරැස්ස පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

28 හැවිරිදි පුද්ගලයා 15 හැවිරිදි දැරියක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර දැරියගේ මව විසින් ඊට විරෝධය දක්වා ඇති හෙයින් 2023 ජූනි මාසයේදී මෙම දැරියව අපහරණය කර ඇත. ඉකුත් 20 වෙනි දින සැකකරු දැරිය සමග ඇයගේ නිවසට පැමිණ සිටියදී මව විසින් කරන ලද පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

23 හැවිරිදි අනෙක් සැකකරු එම ප්‍රදේශයේම 15 හැවිරිදි දැරියක අපහරණය සිදුකර තිබෙන බව මව විසින් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි. අකුරැස්ස වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. රුක්මන් මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂිකා නිරංජලා වෙලගෙදරගේ ප්‍රධානත්වයෙන් (5312) කා.පො.සැ. ලසන්තිකා, (9998) කා.පො.කො. හෂිනි ඇතුළු පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනාව ඊයේ (21 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා මොරවක සහ මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අකුරැස්ස – සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment