ධම්මික සිහිකර අයි.ඩී.එච්. රෝහලට ඔක්සිජන් ටැංකියක්

උපාලි පුවත්පත් සමාගමේ මාධ්‍යවේදියකු ලෙස සේවය කරමින් සිටියදී මීට මාස තුනකට ඉහතදී හදිසියේ අභාවප්‍රාප්ත වූ ධම්මික හේවාවසම් මහතාගේ 55 වැනි උපන් දිනය නිමිත්තෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට රුපියල් 90,000 වටිනා ඔක්සිජන් ටැංකියක් පරිත්‍යාග කිරීම පෙරේදා (05දා) සිදුවිය.

කොළඹ අයි.ඩී.එච්. රෝහලට අලුතින් වැඩ භාරගෙන පැමිණි රෝහල් අධ්‍යක්‍ෂවරයා වන දිනේෂ් කොග්ගලගේ මහතා වෙත ධම්මික හේවාවසම් මහතාගේ මෑණියන් වන නන්දාවතී මහත්මියත් සහෝදරියන් වන ශ්‍යාමලී, කුමුදු සහ පද්මිණී යන අය ඔක්සිජන් ටැංකිය පරිත්‍යාග කරනු ලැබූ අන්දම ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment