නිදහස් දිනය වෙනුවෙන් සඳුදා නිවාඩු දෙනවාද මෙතෙක් තීරණයක් නෑ

432

නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 04 වැනිදා ඉරිදා දිනයක් බැවින් එම නිවාඩුව පසුදින (05 දා) ලබාදෙනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ 04 වැනිදාට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් 05 වැනිදා (සඳුදා) නිවාඩු ලබා දෙනවාද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment