මේ වසරේ මාස 6ට 146437 ක් රට රැකියාවලට ගිහින්

225

මේ වසරේ (2023) ජනවාරි සිට ජුනි දක්වා මාස හයක කාලපරිච්ජේදය තුළ මෙරටින් විදේශ රැකියා සඳහා 146437 දෙනකු පිටව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම 2023 වසරේ ජුනි මාසයේ දී පමණක් 24087 දෙනකු විදේශ රැකියා සඳහා මෙරටින් පිටව ගොස් ඇත. 2023 වසරේ පළමු භාගය තුළ වාර්තා වූ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු පිටවීම් ප්‍රමාණය 2022 වසරේ එම කාලය තුළ වාර්තා වූ මට්ටමට ආසන්න වූ බව ද මහ බැංකුව කියයි.

2022 වසරේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු පිටවීම් ප්‍රමාණය 311056 ක් වූ බව ද මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක සඳහන් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment