යතුරුපැදියේ ගිය අම්මා සහ දුව කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී ටිපර් මාරයාට ගොදුරු වෙති

620

අනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී ඊයේ (21 දා) දහවල් සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සමගි මාවත, යාය 14 කොලනිය, කලා ඔය පදිංචි ඩබ්ලිව්. පී. සශිකා දුලානි වීරසිංහ (36) සහ කේ. තිසනි ප්‍රියංසා නමැති 8 හැවිරිදි ඇගේ දියණිය බව පොලිසිය කියයි.

එම මාර්ගයේ කඩ 30 දෙස සිට ජයන්ති වට රවුම දෙසට ගමන් කළ යතුරු පැදියක්, එම දිශාවටම ගමන් කළ ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

අනතුරට පත් යතුරුපැදියේ ගමන් කළ මව සහ දියණිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන්, මැදවච්චිය, කැලෑගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර, එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සේනක ප්‍රසන්න, උප පොලිස් පරීක්ෂක පාලිත නිශ්ශංක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන පෙරේරා (46436), ඉලංගසිංහ (13587) යන නිලධාරීහු අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment