කැකිරාවේ වැවක එරුණු වනඅලි පැටවා ගොඩගැනේ

79

මඩේ එරුණු වයස අවුරුදු 6 ක් පමණ වූ වන අලි පැටවකු මහත් පරිශ්‍රමයකින් අනතුරුව ඊයේ (04 දා) නිරුපද්‍රිතව ගොඩ ගැණුනි. කැකිරාව නෙලුම්කුලම වැවෙහි මඩේ එරී සිටියදී මෙම අලි පැටවා හමුවී ඇත.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ගනේවල්පොල වනජීවී නිලධාරීන් හා අනුරාධපුර පශු වෛද්‍ය නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව වන අලියා ගොඩගැනීමට මෙහෙයුමක් ආරම්භ කළේය. එම වන අලි පැටවා තරමක දුර්වල සෞඛ්‍ය මට්ටමක සිටීම නිසාවෙන් ගොඩට ගැනීමට පෙර ප්‍රතිකාර ලබාදීමට අනුරාධපුර කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කළහ. අනතුරුව මහත් පරීශ්‍රමයක් දරා කඹයක් ආධාරයෙන් පැටවා ගොඩට ගැනීමට කටයුතු කර පසුව රක්ෂිතයට පලවා හරිණු ලැබූහ.

මෙම වන අලි පැටවා කැකිරාව වෙරුන්කුලම ප්‍රදේශයේම වෙඩි තැබීමකින් මියගිය කෙනරගේ පැටවකු බව වනජීවි නිලධාරීන් සැක පළකරයි.
අනුරාධපුර

advertistmentadvertistment
advertistmentadvertistment