කොළඹ නාලන්ද හා මහනුවර උසස් බාලිකාවන්ට ශූරතාවය – සමස්ත ලංකා පාසල් වූෂු තරගාවලිය

91

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වූෂු තරගාවලියේ සමස්ත බාලක ශූරතාවය ලකුණු 15 ක් හිමිකර ගනිමින් කොළඹ නාලන්ද විද්‍යාලයත්, අනුශූරතාවය ලකුණු 14 ක් සමගින් කොළඹ රාජකීය විදුහලත් හිමිකරගත් අතර තෙවන ස්ථානය ලකුණු 12ක් ලබාගත් මාතර රාහුල විදුහලට හිමි විය.

තරගාවලියේ බාලිකා සමස්ත ශූරතාව දිනාගැනීමට මහනුවර උසස් බාලිකා විදුහල සමත් වූයේ ලකුණු 25ක් හිමිකර ගනිමිනි. අනුශූරතාවය ලකුණු 21ක් හිමිකරගත් මාතර ශාන්ත මරියා කන්‍යාරාමයටත්, තෙවන ස්ථානය ලකුණු 15ක් සමගින් කොළඹ මියුසියස් විද්‍යාලයත් හිමිකර ගැනීමට සමත් විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ ආනන්ද විදුහලේ ඩබ්ලිව්. එම්. කේ. ඩී. බණ්ඩාර ක්‍රීඩකයාත්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ගයානි විහංගා කව්මිනි රත්තෙපිටිය ක්‍රීඩිකාවත් පිදුම් ලැබීය.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment