පාස්කු ප්‍රහාරය දා වගකීම පැහැර හැරීම: පොලිස් ලොක්කෝ 9 ක් දොට්ට  

1427

පාස්කු ප්‍රහාරය පිළිබඳව සිය වගකීම පැහැර හැර ඇති බවට සනාථ වී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනකු පොලිස් සේවයෙන් ඉවත් කර ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ද නතර කිරීම සඳහා රජය නීතිපතිගේ නිර්දේශ පතා ඇත. මෙම නිලධාරීන් ගැන මෙතෙක් පියවර ගෙන නැතැයි කාදිනල්තුමා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබිණි.

මේ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරු 4 දෙනකු සහ පොලිස් අධිකාරිවරුන් 4 දෙනකු ඇතුළු නවදෙනකුට පොලිස් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

මොවුන්ගෙන් එක් නිලධාරියෙක් පාස්කු අනතුරු ඇඟවීමේ පොලිස් පණිවිඩය වෙනස් කිරීමට නියෝග කර තිබූ බව ජනාධිපති කොමිසම විසින් අනාවරණය කර තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment