ප්‍රාදේශීය සභා සංශෝධන පනතට මාලිමාවෙන් නඩු

95

විසුරුවා ඇති පළාත් පාලන ආයතන යළි බලගැන්වීම සඳහා වන ප්‍රාදේශීය සභා සංශෝධන පනතට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇත. ඒ අනුව මෙම සතිය තුළ එකී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට නියමිතය. විසුරුවා ඇති පළාත් සභා යළි පළාත් පාලන ඇමැතිවරයා වෙත පැවරෙන එම සංශෝධන ව්‍යවස්ථා විරෝධී බවත් එමඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් එම පක්‍ෂය සඳහන් කරයි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment