ඩෝප් සීන් දැමූ කැකිරාවේ තැපැල් ස්ථානාධිපති අත්අඩංගුවට

483

බීමත්ව අශෝභන ලෙස හැසිරෙමින් කාර්යාල කාමරය තුළ නිදා සිටි කැකිරාව තැපැල් ස්ථානාධිපතිවරයා ඊයේ (21 දා) දහවල් ලද පැමිණිල්ලකට අනුව කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තැපැල් ස්ථානාධිපතිවරයා බීමත්ව කාර්යාලයේ සේවය කරමින් සිටි සේවක සේවිකාවන් හට බැන වැදීම නිසා ඔවුන් සේවයෙන් ඉවත්ව කාර්යාලය ඉදිරිපිට රැඳී සිටීම නිසා සේවා පහසුකම් ලබා ගැනීමට පැමිණි ජනතාව පැයක පමණ කාලයක් දැඩි අපහසුතාවට පත්ව කැකිරාව පොලිසියට කළ දැනුම් දීමක් පොලිසිය පැමිණ කාර්යාලය තුළ නිදාගෙන සිටි තැපැල් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් අනතුරුව තැපැල් කාර්යාලයේ කාර්යාල කටයුතු සිදු කෙරිණි. සිද්ධිය සම්බන්ධව කැකිරාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කැකිරාව – සුදත් ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment