ඥාතීන්ට එපා වූ දේහයට බුදු පුතෙක් හා තරුණ පිරිසක් උර දෙති

734

රිය අනතුරකින් මියගිය විසි දෙහැවිරිදි අවිවාහක තරුණයෙකගේ මළ සිරුර ඥාතීන් විසින් භාර නොගැනීම හේතුවෙන් ප‍්‍රදේශයේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ සහ තරුණ පිරිස එක්ව එම දේහය භාර ගෙන විහාරස්ථ ධර්ම ශාලාවේ තැන්පත් කර තිබුනේ මියගිය විටවත් තම සහෝදරයාට කෘතගුණ සැලකීම සඳහා වත් ඉදිරිපත් නොවන රටක සැමට ආදර්ශයක් දෙමිනි. මෙලෙස එම දේහය තැන්පත් කර තිබුණේ හත්තක මානම්පිට ජනශක්ති ආරාම විහාරස්ථානයේ ය.

මෙම තරුණයා තනිව ජීවත් වී ඇති අතර ජීවිත කාලය ගෙවා ඇත්තේ නිවසක් කුලියට ගැනීමෙනි. ඔහු එදිනෙදා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙවා ඇති අතර පසුගියදා පිටිගල පැලවත්ත මාර්ගය උහන්ඹ්විට ප‍්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරෙන් තුවාල ලැබූ තරුණයා ඇල්පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට එහිදී ප‍්‍රදේශවාසීන් කටයුතු කර තිබිණ. රෝහල්ගත කළ තරුණයා මිය යාමෙන් ඔහුගේ දේහය කොරෝනා පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර එහිදී ඔහු කොරෝනා ආසාදිත නොවන බවට තහවුරු වී ඇත . දේහය ඥාතීන්ට භාර දීම සඳහා සෞඛ්‍ය අංශ යොමුවූවත් දේහය භාර ගැනීම සඳහා ඥාතීන් කිසිවෙක් ඉදිරිපත් වී නොමැත. ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමත් සමග විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡුා කර ප‍්‍රදේශයේ තරුණ පිරිස දේහය

විහාරස්ථාන ධර්ම ශාලාවේ තැන්පත් කිරීමට කටයුතු සලසා තිබිණ. තරුණ පිරිසගේ මැදිහත්වීමෙන් දේහය පිටිගල පොදු සුසාන භූමියේ දී භූමදානය සිදුකිරීම ද සිදු විය.

චන්දන සමන් කුමාර පැලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment