ගුරු විදුහල්පතිවරු හෙට ලෙඩවෙති

263

ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ ගුරු විදුහල්පතිවරුන් සහ සිසුන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය හෙට (25 දා) අසනීප නිවාඩු වාර්තා කර එක්දින වැඩ වර්ජනයක නිරත වෙයි.

ඉන්ධන මිල ඉහළ යෑම නිසා මෙම පිරිස්වලට විශාල අසාධාරණයක් සිදුවන බවත් එම පිරිස්වලට සහන ලබාදිය නොහැකි නම් ඔවුන් පදිංචි ආසන්නම පාසල්වලට අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බවත් එම සන්ධානයේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. තම ඉල්ලීම්වලට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා යහපත් ප්‍රතිචාර දක්වන බවක් නොපෙන්වන බවත් එම නිසා එක්දින වැඩ වර්ජනයක නිරත වී ඉන් පසුවත් යහපත් ප්‍රතිචාර නොමැති නම් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ස්ටාලින් මහතා සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment