ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටිකට් දැන් ඔන්ලයින්

98

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට දැන් හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

ඒ අනුව www.srilankacricket.lk වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම ප්‍රවේශ පත්‍ර ඊයේ (25 වැනිදා) සිට මිල දී ගැනීමට අවස්ථාව ඇත.

එමෙන්ම ලබන ජනවාරි 04 වැනි දා සිට තරග පැවැත්වීමට නියමිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් (විද්‍යා මාවතේ) කවුන්ටර වලින් ද අදාළ ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමේ අවස්ථාව උදා වේ.

දෙරට අතර ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජනවාරි 06 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.
Standing මිල (රු.)
Grand Stand 5000
A-B Upper 1500
A-B Lower 1000
C-D Upper 500
C-D Lower 200
AC Box (Group Package with 16 Seats) 3000 per seat

මෙම තරගාවලියේ දී ජනවාරි මස 06, 08 සහ 11 යන දින වල එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිත අතර ජනවාරි 14,16 සහ 18 දින වල දී විස්සයි විස්ස තරග තුනක් ද පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එක්දින තරග සියල්ල දිවා රාත්‍රි තරග ලෙස ද, විස්සයි විස්ස තරග රාත්‍රි තරග ලෙස ද පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment